නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පොළොම්මාරුව ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය

දැයේ දරුදැරියන් යහපත් පුරවැසියන් බවට පත් කිරීම කිරීමේ ප්‍රමුඛයා පාසලයි.දරුවා දැනුම ආකල්ප කුසලතා වලින් පිරිපුන් මෙන්ම නුතන වැඩ ලෝකයට අනුව හැඩ ගැසුනු දරුවෙකු ලෙස සමාජයට දායාද කිරීමේ සමාජ අවශ්‍යතාවය පාසැල තුලින් ඉටු කරනු ලබයි.
මව්පිය තුරුලේ සුරතලයට හැදුනු වැඩුණු සිගිති දරුවා හා හා පුරා කියා පාසලට පා තබන්නේ නොපෙනෙන අනාගතය පිළිබදව දහසක් සිහින පොදි බැදගෙනයි.දරුවාගේ එම සිහින යථාර්තයක් බවට පත් කිරීම පාසලේ වගකීමයි.එසේම එම සිහින වලට නව පණක් මෙන්ම නව අරුතක් එක් කිරීමද අපගේ වගකීමයි.
දරුවන් පාසලට බාර දී තම සිහින සබැ කරගැනිමට බලාපොරොත්තු වන දෙමාපියන්ගේ සිතැගි ඉටු කිරීමද අපගේ තවත් වගකීමකි.මේ සියත් කරනා පෙරදැරිව අවසානයේ දැයට ආදරය කරන වැඩදායි දරු කැලක් බිහි කිරීම අපගේ ප්‍රධාන පරමාර්ථයයි.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද විශාල දියුණුවක් පසුගිය කාලයේදී අප හට ලැබිණි.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඉතාමත් කාර්යක්ෂම ඵලදායී දෙයක් ලෙස අපට භාවිතා කල හැකිය.අප විද්‍යාලය සමග සම්බන්ද වන සියළු පාර්ශවයන්ට මෙම වෙබ් අඩවිය සමග සම්බන්ද වී අප පාසලේ දියුණුවට සහයෝගය දෙන ලෙස කාරුණිකව ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සම්පුර්ණ කිරීමට සහයෝගය දුන් සියලුදෙනා හට මා ස්තුතිවන්ත වන අතර දැයේ දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපනය කටයුතුද වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
පොළොම්මාරුව ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය