- සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලේ සම්මත නිල ඇදුමෙන් සැරසී පාසලට පැමිණිය යුතුය.
- ශිෂ්‍යයන්ගේ කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතු අතර රැවුල කපා පාසල් ශිෂ්‍යයෙකුට උචිත ආකාරයෙන් පාසලට පැමිණිය යුතුය.
- ශිෂ්‍යාවන්ගේ කොණ්ඩය නිළ ඇදුමේ කොලර් එකට වඩා දිග වැඩි නම් කරල් දෙකකට ගොතා සුදු රිබන් පටියෙන් ගැට ගැසිය යුතුය.
කොණ්ඩය නිළ ඇදුමේ කොලර් එකට වඩා දිග අඩු කොණ්ඩයක් නම් කන පෙනෙන පරිදි පැත්තට පීරා කළු පැහැති කුඩා කොණ්ඩ කටු ගැසිය යුතුය. - උදෑසන පාසලට පැමිණ පන්ති කාමරය,පාසල් පරිසරය පිරිසිදු කිරීම හා තමාට පැවරී ඇති අනෙකුත් වගකීම් පෙ.ව 7.15ට පෙර ඉටු කළ යුතුය.
- පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි.දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට දැනුම් දිය යුතුය. දින තුනක් ඉක්මවා නොපැමිණෙන්නේ නම් භාරකරුවන් පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමා වෙත භාරදිය යුතුය.
- පාසලට පොලිතීන් රැගෙන ඒම සම්පුර්ණයෙන්ම තහනම් වන අතර කෑම රැගෙන ඒම සදහා සුදුසු භාගනයක් හා වතුර බෝතලයක් සෑම ළමයෙක් ම භාවිතා කළ යුතුය.
- පාසල ආරම්භයේදී හා අවසානයේදී ආගමික වතාවත් සිදු කරන අතරතුර වෙනත් කිසිදු කාර්යයක නොදී සංවරව හැසිරිය යුතුය.
- ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආපනශාලාව භාවිතා කල හැකි වන්නේ විවේක කාලය තුළ දී පමණි.
- විවේක කාලය හැර අනෙක් අවස්ථාවන්හි දී අවශ්‍යතාවය අනුව පන්තියෙන් බැහැරව සිටිය හැකි වන්නේ එක් ශිෂ්‍යයෙකුට/ශිෂ්‍යාවකට හෝ දෙදෙනෙකුට පමණක් වන අතර ඒ සදහා නියමිත අවසර පත්‍රය භාවිතා කළ යුතුය.
- සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
- විෂය බාහිර / විෂය සමගාමී ක්‍රියාකාරකම් සදහා පන්තියෙන් බැහැරව යන අවස්ථාවල දී නිශ්ශබ්දව පේළියට ගමන් කළ යුතුය.
- කිසිදු විද්‍යුත් උපාංගයක්, ජංගම දුරකථනය, කැමරා, සිම් කාඩ්, CD, DVD, Pen drives, Chips ..... ආදිය පාසලට රැගෙන ඒම සම්පුර්ණයෙන් ම තහනම් වේ. ( එවැනි දෑ රැගෙන විත් පාසලෙන් එය ලබා ගත් විට නැවත ඒවා දෙනු ලබන්නේ පාසලෙන් අස්වන දිනයේ දීය. )
- පාසල් කාලය තුල දී විද්ධිමත් අවසරයකින් තොරව පාසල් භූමියේ සැරිසැරීම සිදු නොකළ යුතුය.
- කුමන හෝ ආකාරයේ මත්ද්‍රව්‍ය භාවිතා කර හෝ ළග තබා ගෙන සිටීම සිදු නොකළ යුතු වරදක් වන අතර එවැනි දෙයක් සිදුවුවහොත් විනය මණ්ඩලය මගින් හෝ අවශ්‍ය නම් පොලිසිය දැනුවත් කර අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව සිහි තබා ගත යුතුය.
- පාසල් ශිෂ්‍යයෙක් / ශිෂ්‍යාවක් වශයෙන් විනය විරෝධී ආකාරයෙන් හැසිරෙන ඕනෑම අවස්ථාවක් සදහා වරදෙහි ස්වභාවය අනුව විනය මණ්ඩලය මගින් අදාළ කරුණ විමසා බලා අවශ්‍ය පියවර ගනු ලැබේ.
- විද්‍යාලයෙන් බහිරව දී වුවද ශිෂ්‍යයන් වෙත එල්ලවන වැරදි හැසිරීම් පිළිබද චෝදනා ගැන නිවැරදිව කරුණු සොයා බලා සුදුසු පියවර ගනු ලැබේ.
- සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසැල තුල දී / පාසලෙන් පිටත දී විනීතව හා ආචාරශීලීව හැසිරිය යුතුය.