![]() |
1959 - 11 - 16 දින පොලොම්මාරුව ග්‍රාම සංවර්ධන සමිතිය මගින් අලුතින් සාදවා නිම කරන ලද ගොඩනැගිල්ලක හ/පොළොම්මාරුව යෝජක පාසලේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන ලදී.එවකට ජේ.එච් .කොඩිතුවක්කු මහතා එහි වැඩබලන මුල් ගුරුතුමා ලෙස සේවය කරන ලදී.1960 - 05 -03 දින හ/පොළොම්මාරුව රුහුණු රජයේ විදුහල නමින් එය රජයට පවරා ගන්නා ලද අතර එදිනට ශිෂ්‍ය සංඛ්යාව 169ක් විය.රජයට පවරා ගත් පසු පළමු විදුහල්පතිතුමා ලෙස N.H.E.R. සිරිවර්ධන මහතා කටයුතු කළේය.
