රෝහණ පුරවර හෙළයේ පරසිදු
සිප් සයුරේ නිල් මිණි කිරුළයි
සිරිලක සුපතල නම් දැරු උතුමන්
යහ පැසසුම් ලද දරු පොකුරයි ...........//
දැය නගනා පිංබර මාතා - පොලොම්මාරු විදුහල් මාතා .....
තෙලි තුඩ පන්හිඳ පා සලබින් එන
මිණි කිංකිණි හඬ දසත ඇසේ
දියත පතළ වූ කිතු ගොස මව්ගේ ...........//
සැමදා දනගේ මුවග රැදේ
ඇය නඟනා පිං පෙම්බර මාතා - පොලොම්මාරුවේ විදුහල් මාතා .....
වැව් තල සිපගෙන එන මඳ සුළඟින්
සිසු කැළ මුව මදහස නැගුණා
සතර කලාවේ සිප්නැණ පහසින් ...........//
සහසක් සිසු සිත මල් පිපුණා
දැය නගනා පිංබර මාතා - පොලොම්මාරු විදුහල් මාතා .....